Saturday, August 25, 2012

Hide any folders only using Command Prompt(without any software support)

කිසිම මෘදුකාංගයක සහයක් නොමැතිව Command Prompt එක පමණක් බාවිතයෙන් folders හන්ගමු. 


අපි ගොඩක් වෙලාවට folders hide හෝ lock කිරීමට අවශ්‍ය වුනාම කුමන හෝ folder lock software එකක් බාවිතා කිරීම සාමාන්‍ය දෙයක්. නමුත් එලෙස folder lock software එකක් භාවිතා කලාම දැක්ක ගමන් දන්නව මේකෙ හන්ගපු මොනව හරි ඇති කියල. නමුත් මම මේ කියන්න යන විදියට hide කළාම ලේසියෙන් කාටවත් හොයාගන්න බැහැ.අනිත් කාරනය තමා සමහර folder hide කරන software වලදි වෙන්නෙත් මම මේ කියදෙන්න යන දේමයි.

1) මුලින්ම ඔබට hide කිරීමට අවශ්‍ය  folder එක පිහිටා තියෙන ස්ථානයෙහි path එක සහ folder එකෙහි නම මතක තියාගත යුතුයි. 

උදාහරණයක් විදිහට මම mypcsit කියල නම් කරපු folder එක hide කරන විදිහ පෙන්නන්නම්. 



මම මේ mypcsit කියන folder එක හදල තියෙන්නෙ F කියන partition  එකේ mypcsit කියල. 

එමනිසා folder path = F:  --> Hideme
             folder name=my

2) දැන් Start--> All Programs --> Accessories --> Command Prompt එක open කර ගන්න.


    
3) දැන් Command Prompt එකේ අපිට hide කිරීමට අවශ්‍ය folder එක තියෙන තැනට යන්න. 

    උදා: අපි Command Prompt එක open කරපු ගමන් ඒක තියෙන්නෙ C:\user\xxxx> කියන තැනකනෙ 
    මුලින්ම අපි C: වල ඉදන් F: වලට යන්න ඕනි. ඒකට "F:"  enter  කරන්න. 




 
 දැන් Hideme කියන folder එක ඇතුලට යන්න.   "cd Hideme" කියල type කරල  enter ඔබන්න. 



    

5) දැන් attrib +r +h +s +a foldernaem  ගහල enter කරන්න.
    උදා: attrib +r +h +s +a mypcsit










දැන් ඔයාලගෙ  folder එක තිබුනු තැනට ගිහින් බලන්න ඒක එතන නැතුව ඇති. 
folder එක hide වෙලා නේද? 

6) නැවතත්   folder එක ලබාගැනීමට attrib -r -h -s -a foldernaem ගහල enter කරන්න.
    උදා: attrib -r -h -s -a mypcsit


    
    දැන් නැවතත් folder එක තිබුනු තැනට ගිහින් බලන්න. ඒක එතන පෙර තිබුනු විදියටම පෙනෙන්න ඇති .
     එහෙනම් මේ විදියට අපිට folders hide කරණ්නත් නැවත ළබාගන්නත් පුලුවන්.

මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow එකක් දාල යන්න අමතක කරන්න එපා..........  


                                                                          බුදුසරණයි!!!!!!!!  
w.w Arunoda Isuruwan
www.mypcsit.blogspot.com
    

No comments:

Post a Comment

Animated Social Gadget - Blogger And Wordpress Tips