Wednesday, August 29, 2012

Google begins reminding users of friends' birthdays

යාලුවන්ගේ උපන්දින සිහිකැදවීමක් google වලට එක් කර ගමු 

මුලින්ම කියන්න ඕනි මේක google කට්ටිය facebook එකෙන් copy කරළ හදපු දෙයක්. facebook වල birthday reminder එකෙහි ඇති වැදගත් කම සහ එහි ජනප්‍රිය තාවය මත google ඔවුන්ට මෙය එකතු කරගෙන තිබෙනවා. 



            facebook කිවුවම ඉතින් අද ලෝකෙ නොදන්න කෙනෙක් නැති තරම්. ඒක නිසා ඔයාල දන්නවනෙ  තමන්ගෙ යාලුවෙක්ගෙ උපන්දිනයක් ආවම වැඩිපුරම අපිට සුභපැතුම් ලැබෙන්නෙ  facebook වලින් බව. එතනින්ම ඔයාලට තේරෙනව නේද  facebook  වල birthday reminder එක කොච්චර නම් වැදගත්ද කියල. 
දැන් අප සියලු දෙනාටම google වලදීත් මෙම birthday reminder එකක් යොදා ගැනීමේ හැකියාව ලබාදී තිබෙනවා. 

මෙන්න තියෙනව link එක google friend's birthday reminder

ඉහත link එකට ගිහින් ඔයාලගෙ උපන්දිනය add කරන්නකො.

මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow එකක් දාල යන්න අමතක කරන්න එපා.......... 

හැමෝටම බුදුසරණයි......... 


 w.w arunoda isuruwan
www.mypcsit.blogspot.com

Saturday, August 25, 2012

Hide any folders only using Command Prompt(without any software support)

කිසිම මෘදුකාංගයක සහයක් නොමැතිව Command Prompt එක පමණක් බාවිතයෙන් folders හන්ගමු. 


අපි ගොඩක් වෙලාවට folders hide හෝ lock කිරීමට අවශ්‍ය වුනාම කුමන හෝ folder lock software එකක් බාවිතා කිරීම සාමාන්‍ය දෙයක්. නමුත් එලෙස folder lock software එකක් භාවිතා කලාම දැක්ක ගමන් දන්නව මේකෙ හන්ගපු මොනව හරි ඇති කියල. නමුත් මම මේ කියන්න යන විදියට hide කළාම ලේසියෙන් කාටවත් හොයාගන්න බැහැ.අනිත් කාරනය තමා සමහර folder hide කරන software වලදි වෙන්නෙත් මම මේ කියදෙන්න යන දේමයි.

1) මුලින්ම ඔබට hide කිරීමට අවශ්‍ය  folder එක පිහිටා තියෙන ස්ථානයෙහි path එක සහ folder එකෙහි නම මතක තියාගත යුතුයි. 

උදාහරණයක් විදිහට මම mypcsit කියල නම් කරපු folder එක hide කරන විදිහ පෙන්නන්නම්. 



මම මේ mypcsit කියන folder එක හදල තියෙන්නෙ F කියන partition  එකේ mypcsit කියල. 

එමනිසා folder path = F:  --> Hideme
             folder name=my

2) දැන් Start--> All Programs --> Accessories --> Command Prompt එක open කර ගන්න.


    
3) දැන් Command Prompt එකේ අපිට hide කිරීමට අවශ්‍ය folder එක තියෙන තැනට යන්න. 

    උදා: අපි Command Prompt එක open කරපු ගමන් ඒක තියෙන්නෙ C:\user\xxxx> කියන තැනකනෙ 
    මුලින්ම අපි C: වල ඉදන් F: වලට යන්න ඕනි. ඒකට "F:"  enter  කරන්න. 




 
 දැන් Hideme කියන folder එක ඇතුලට යන්න.   "cd Hideme" කියල type කරල  enter ඔබන්න. 



    

5) දැන් attrib +r +h +s +a foldernaem  ගහල enter කරන්න.
    උදා: attrib +r +h +s +a mypcsit










දැන් ඔයාලගෙ  folder එක තිබුනු තැනට ගිහින් බලන්න ඒක එතන නැතුව ඇති. 
folder එක hide වෙලා නේද? 

6) නැවතත්   folder එක ලබාගැනීමට attrib -r -h -s -a foldernaem ගහල enter කරන්න.
    උදා: attrib -r -h -s -a mypcsit


    
    දැන් නැවතත් folder එක තිබුනු තැනට ගිහින් බලන්න. ඒක එතන පෙර තිබුනු විදියටම පෙනෙන්න ඇති .
     එහෙනම් මේ විදියට අපිට folders hide කරණ්නත් නැවත ළබාගන්නත් පුලුවන්.

මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow එකක් දාල යන්න අමතක කරන්න එපා..........  


                                                                          බුදුසරණයි!!!!!!!!  
w.w Arunoda Isuruwan
www.mypcsit.blogspot.com
    

Thursday, August 23, 2012

Now we can block the web site and blogs of the troublesome through the Personal Blocklist (by Google)


අන්තර්ජාලයේ සැරිසරන විට පැමිනෙන හිරිහැරකාරී හෝ අනවශ් website සහ blogs අපට අවශ් ලෙස block කරමු

ඔයාල දන්නවනෙ අපි අන්තර්ජාලය පාවිච්චි කරද්දි අපන අනවශ් website සහ blogs කොච්චර නම් එනවද කියල. එසේත් නැත්නම් අපි google එකේ මොකක්හරි search කරද්දි අනවශ් දේවල් කොච්චර එනවද. දැන් අපිට google සමාගම විසින්ම මෙයට විසදුමක් ලබාදී තිබෙනවා. Personal Blocklist (by Google) 
එක උපයෝගී කරගෙන දැන් ඔයාලට පුලුවන් අනවශ් හිරිහැරකාරී web site සහ blogs ලේසියෙන්ම block කරල අපේ වැඩ ඉක්මන් කරගන්න
මෙහිදී ඔබට password යොදමින් මෙන්ම අවශ් කාල පරාසයක් තුල පමනක් වුවද මෙම block කිරීම සිදුකිරීමේ හැකියාව සපයා තිබේ

* මුලින්ම මේක කරන්න නම් ඔයාලට Google chrome සෙවුම් යන්ත්රය අවශ් වෙනව. ඔයාල ගාව  Google Chrome නැත්නම් මෙතනින් බාගත කර ගන්න  chrome

* දැන් Google chrome වලින් link එකට යන්න Personal blocklist(by google)




දැන් Personal Blocklist හි RELATED කියන එකට යන්න. එතකොට ඔයාලට රූපයේ පෙනෙන විදියෙ page එකක් ලැබේවි. දැන් RELATED page එකෙහි Website Blocker කියන එකට ගිහින් ADD TO CHROME කියන එක click කරන්න.දැන් ලැබෙන oවාද කොටුවෙහි Add ලබා දුන් විට මෙය download වීම සහ  CHROME  තුල ස්ථාපනය වීමද ස්වයන්ක්රීයවම සිදුවේ.  

*දැන් ඔබ පෙර ලෙසම AdBlock කියන එකත් Personal Blocklist එකෙන් download කර ගන්න

*දැන් CHROME වලට  ගිහින් Blocker කිරීමට අවශ් Website එකට යන්න
දැන්  tool bar වල (රූපයේ පෙන්වා ඇති පරිදි) Website Blocker වලට යන්න



*දැන් ඔබට අවශ් පරිදි මෙම website එක block කිරීම සිදුකර හැක. ඔබට අවශ් නම් යම් කාළ පරාසයක් තුල website එක block කිරීමක් වුවද මෙහිදීම පහසුවෙන් සකසා ගත හැක

ඔබට password යෙදීමට වැනි විශේෂ අනෙකුත් අවශ්යතා සකසා ගැනීමට නම් මෙහි Option වෙතට යාමෙන් සිදුකරගත හැක.




* ඔබ block කිරීම සිදුකර පසු නැවත එම website එකට ඇතුල්වීමට වුත්සාහ කිරීමීදී මෙය ඔබට ඇතුලත් විය නොහැකි බව පහත අයුරින් පෙන්වයි




* ඉහත අයුරින්ම ඔබට tool bar හි AdBlock වෙත යෑමෙන් blogs Block කිරීම සිදුකර හැක

මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow එකක් දාල යන්න අමතක කරන්න එපා.......... 

ස්තුතියි!!!!!!!! 

w.w Arunoda Isuruwan
www.newcomtechnic.blogspot.com





what is the method of data recovery and free download data recovery software


දන්නවද අපි data recovery කළාම delete කරපු data නැවත recovery වෙන්නෙ කොහොමද කියල

මොකක්ද Data recovery කියන්නෙ-
Data recovery කියන්නෙ අපිට ගොඩාක් වෙලාවට වැදගත් වෙන දෙයක්. අපේ අතිනි වෙරදිලා අපිට වෙදගත්  file එකක් හරි folder එකක් හරි delete වුනොත්, ඒක අපිට ලොකු පාඩුවක් නේද? එහෙනම් අපි delete වුන file
එකක් හරි folder එකක් හරි නැවත ගන්න manual data recovery හරි data recovery software එකක් හරි යොදා ගන්නවා

කොහොමද  Data recovery වෙන්නෙ-
අපි Data recovery කරනව කියල කරන්නෙ hard disk  එකක pen එකක හෝ memory chip වැනි උපකරනයක අපට නොපෙනෙන ලෙස(අදෘශ්යමාන ලෙස)  ඇති දත්ත නෙවත ලබා ගැනීම පමනයි. hard disk එකේ හරි pen එකක හරි සම්පූර්නයෙන් ඉවත්ව්වී ඇති දත්ත මොන data recovery software එකක් යොදා ගත්තද නැවත ලබා ගැනීමේ හැකියාවක් නැත. මෙයින් පෙනී යන්නේ hard disk එකේ හරි pen එකක හරි අපි delete කරපු දත්ත ඒවා තුලින් සම්පූර්නයෙන් ඉවත්ව ගොස් නැති බවයි. නමුත් data format කිරීමකදී එම දත්ත නැවත recovery කල නොහැකි ලෙස සම්පූර්නයෙන් ඉවත්වී යෑමක් සිදුවේ

ඇත්තටම අපි data delete කලාම මොකක්ද වෙන්නෙ-
අපි hard drive එකෙන් data delete කලාට එම data නැවත ලබා ගත නොහැකි ලෙස සදා ඉවත් වී යන්නේ නැහැ.එනම් file හෝ folder එක hard drive එකෙහි ස්ථානගතවී ඇති ස්ථානය පිළිබදව හා ආශ්රිතව ඇති ඉතා කුඩා මතකයක්(tiny bit of information) ඉවත්වී යෑමක් පමනක් සිදුවේ. Operating system එකකින් hard drive එකෙහි ඇති දත්ත තැන්පත්කර ඇත්තේද දත්ත කියවීම සිදු කරන්නේද tree data structure එකට අනුවය. එම දත්ත delete කල පසු tree data structure එකෙහි ඇති සම්බන්දය මිදී එම දත්ත නොපෙනී යෑම සිදුවේඑමනිසා අපට එලෙස delete කල දත්ත recovery කිරීමක් තුලින් නැවත ලබාගැනීමේ හැකියාවක් පවතී.  

මොකද සමහර  delete කරපු Data recovery කරන්න බැරි
මෙය hard drive එක තුල data overwrite වීමක් නිසාවෙන් බොහෝවිට සිදුවිය හැක. එනම් අප පසුව එක්කල දත්ත සමුහයක් අපට අවශ් දත්තය hard drive එක තුල තිබූ ස්තානය මතින් තැනිපත් වීමකි. සමහර data recovery software වල recovery කල හැකි දත්ත ඉදිරියෙන් "Bad,Normal,Good" ලෙස වර්ග කර තිබීමටත් මෙය එක් හේතුවක් වේ. මෙලෙස overwrite වීමක් සිදුවූ දත්ත සම්පූර්නයෙන් හෝ කොටසක් පමනක් ඉවත්වීමක් තුලින් data recovery කිරීමට නොහැකි වීමට පුලුවන.   

මෙන්න ඔබට Data recovery software කිහිපයක්  කෙලින්ම download කර ගන්න-

මෙන්න File Recovery Software Full Version එක -කෙලින්ම download කරගන්න
මෙන්න Easeus Data Recovery Wizard Free Edition එක -කෙලින්ම download කිරීමට 
මෙන්න Recover My Files Data Recovery Software එක -කෙලින්ම download කිරීමට

මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow එකක් දාල යන්න අමතක කරන්න එපා.......... 

ස්තුතියි!!!!!!!!!! 
w.w Arunoda Isuruwan
www.newcomtechnic.blogspot.com

Animated Social Gadget - Blogger And Wordpress Tips