Friday, September 21, 2012

තමන්ට අවශ්‍ය සිහිකැඳවීම් Google Calendar බාවිතයෙන් දුරකථනයට ලබා ගනිමු

තමන්ට අවශ්‍ය සිහිකැවීම් Google Calendar බාවිතයෙන් දුරකථනයට ලබා ගනිමු. 


Google මගින් අපට නොයෙකුත් අලුත් අලුත් දේවල් ගොඩක් ලබාදී තිබෙනවා. එතුලින් එකක් තමා Google Calendar කියන්නෙ. ගොඩක් අය දන්නෙ නැහැ Google Calendar මගින් අපට ලබාගන්න පුලුවන් ප්‍රයෝජන මොනවද කියල. 

පහත රූපයේ Google Calendar ලෙස නම් කළ තැනින් ඔයාලට පුලුවන් Google Calendar වෙත පිවෙසෙන්න. 




දැන් ඔයාලට පුලුවන් යම් දිනයක යම් කාල පරාසයක් තෝරාගෙන ඒමත double click කිරීම මගින් ඔබට අවශ්‍ය  event එකක් ඇතුලත් කිරීමේ හැකියාව තියෙනවා. 



ඉහත රූපයේ එලෙස ඇතුලත් කල Events 2ක් Event 1, Event 2 ලෙස නම් කර තිබෙනවා. 

* මෙහි Calendar එක පෙන්වන ආකාරය දවසක් පමනක්, නැත්නම් මාසයක්, දින හතරක් වැනි ආකාර වලට වෙනස්කිරීමේ හැකියාවත් ලබාදී තිබෙනවා. එය පහත රූපයේ change your calender ලෙස එය පෙන්වා දී තිබෙනවා. 




 * මෙහි ඇති වෙශේෂත්වය තමයි ඔබට අවශ්‍ය පරිදි  Calendar ය සැලසුම් කර එම එක් එක් කාර්ය සදහා ලබාදී ඇති එක් එක් කාලපරාස , එය සිහිගැන්වීම සදහා තම දුරකථනයට, තමන්ගේ email ලිපිනයට ලබා ගැනීමේ හැකියාවද ලබාදී තිබෙනවා.

එය සකසා ගැනීමට පලමුව මෙහි Settings වෙත පිවිසෙන්න.



දැන් ඔබට එහි Mobile Settings කොටසට ගිය පසු ඔබගේ Mobile number එක එයට ඇතුලත් කල හැකියි.
පහත රූපයේ Mobile Settings මෙනුව පෙන්වාදී තිබේ.


දැන් ඔබට Google Calendar මගින් Event එකක සිහිකැදවීමක්  දුරකථනයට ලබාදිය හැකියි.

ඔබ ලබාදෙන Event එකෙහි කාල පරාසය. දුරකථනයට, Email ලෙපෙනයට සිහිකැදවීම යවන කාලයන් (උදා- Event එක ආරම්බ වී මිනිත්තු 5කින් දුරකතනයට සිහිකැදවීම් SMS පනිවුඩයක් යැවීම. මිනිත්තු 10ක් ගතවූපසු email ලිපිනයට සිහිකැදවීම් පනිවුඩයක් යැවීම) වෙනස් කල හැක.

එය සදහා පලමුව ඔබට අවශ්‍ය කාලපරාසයක් තෝරාගන්න. දැන් ඒමත double click කල පසු ඔබට event එකක් ඇතුලත් කිරීමට නව ගොනුවක් ලැබේ. එය පහත රූපයේ පෙන්වා ඇත.



දැන් එහි What ලෙස නම් කර ඇති කොටසට අවශ්‍ය event එක ලබාදී පසුව පහලින් ඇති Edit event Click කරණ්න.
දැන් පහත ආකාරයේ ගොනුවක් ලැබේ.


මෙහිදී ඔබට අවශ්‍ය අයුරින් වෙනස්කිරීම් කරගත හැකියි.

මම ඔබට මෙලෙස ගෙන ආවේ මෙහි settings කිහිපයක් පමනයි. ඔබට අවශ්‍ය අයුරින් මම Google Calendar එක වෙනස් කර ගනිමින් යොදාගත හැක.

මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow එකක් දාල යන්න අමතක කරන්න එපා.......... 

එහෙනම් මම ගියා හැමෝටම බුදුසරණයි.

w.w Arunoda Isuruwan
www.mypcsit.blogspot.com

Sunday, September 9, 2012

Oder your mouse pad freely from TOMTOP.COM

නොමිලේ mouse pad එකක් ගෙදරටම ගෙන්වා ගමු.


                     Mouse pad එකක් ගෙදරටම සම්පූර්ණයෙන්ම නොමිලේ ගෙන්වා ගන්න පුලුවන් හොද chance එකක් ගැනයි මේ කියන්න යන්නෙ. මේ අනගි අවස්තාව ඔබට ලබාදී තිබෙන්නේ TOMTOP.COM වෙතින්.



මේ තියෙන්නෙ මම ගෙන්වාගත් mouse pad එකේ පින්තූරයක්.

 1)     ඔයාලටත් මේ වගේ mouse pad එකක් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් මුලින්ම පහත link එකට click කරල TOMTOP.COM වල register වෙන්නකො. 

ඔයාලට TOMTOP.COM වල register වුනාම points 70 නොමෙලේ ලැබෙනව. මේ  points 70 යොදාගෙන තමා අපි mouse pad එක ගෙන්වා ගතයුතු වන්නේ.

2)     දැන් ඔයාල අලුතින් හදපු account එකෙන් log වෙලා FREE GIFT mouse mat කියන එක click කරණ්න. එය No 2 ලෙස පහත රූපයේ පෙන්වා ඇත 


3)     දැන් අළුතින් ලැබෙන page එකේ Add to cart කියන එක click කරණ්න. 


ඊලගට ලැබෙන window එකේ Continue Shopping කියන එක click කරණ්න. 

4)   පහත රූපයේ පරිදි Shopping Cart කියන එකේ එකක් තියෙනව කියල පෙන්නනව ඇති .දැන් ඒක click කරණ්න. එය No 4 ලෙස රූපයේ පෙන්වා තිබේ. 






















5)   දැන් TOMTOP POINTS කියන එකට 70 කියල type කරල Apply Points කියන එක click කර්ණ්න 
       පහත රූපයේ එය No 5 ලෙස නම් කර ඇත. 





















6)    අපි අපේ points ටික cash කරගෙන ඉවටයි. දැන් Proceed to Checkout click කරණ්න. 





















7)    දැන් ඔයාල  account එකට දීපු address එක පෙන්නනව.එකත් හරිද කියල check කරළ Ship to this address කියන එකට tick එක දාල Continue කරණ්න. 





















8)    පහත රූපයේ පරිදි Free Shipping කියන එකට tick එකක් දාල Continue කරණ්න. 






















9)     රූපයේ පරිදි pay with points කියන එක click කරල continue කරණ්න. 





















10)   අවසානයට දැන් ලැබෙන page එකේ Place Oder කියන එක click කරණ්න. 


දැන් ඔයාලගෙ mouse pad එක ලබාගෙන අවසන්. ඒක ඔයාල දීපු address එකට දින 7-14 වගේ කාළයක් ඇතුලත ලැබේවි.

මේ ලිපිය ගැන හිතෙන ඕන අදහසක් කමෙන්ට් එකක් මගින් දාන්න.මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මගේ බ්ලොග් එකට පොඩි Follow එකක් දාල යන්න අමතක කරන්න එපා.......... 


බුදුසරණයි......... 

w.w Arunoda Isuruwan
www.mypcsit.blogspot.com


Animated Social Gadget - Blogger And Wordpress Tips